ගොර්බචොව්ගේ අවමංගල්‍යයට පුටින් නෑ

අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව සහිතව අද (3) දින පැවැත්වෙන නමුත්, ඊට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
රුසියන් මාධ්‍ය මෙසේ වාර්තා කළේ ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් උපුටා දක්වමිනි.
ජනාධිපති පුටින් අවමංගල්‍යයට නොපැමිණෙනු ඇත්තේ ඔහුගේ රාජකාරි කටයුතු ඊට බාධාවක් වන බැවින් යැයි ක්‍රෙම්ලීන ප්‍රකාශකයා පැහැදිලි කර තිබේ.
දිගුකලක් රෝගීව සිටි 91 හැවිරිදි මිහායිල් ගොර්බචොෆ් මියගියේ පසුගිය 30 වැනිදාය. එම අවස්ථාවේ පළමුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කළේ රුසියන් ජනපති පුටින්ය.
ඉන්පසු ගොර්බචොෆ්ගේ දේහය රුසියන් මහ රෝහලේ මහජනගෞරවයට තැන්පත් කර තිබුණු අතර, ජනපති පුටින් එහි ගොස් දේහයට ගෞරව දැක්වීය.
නිරවි යුද සමය අවසන් කරමින් බටහිර රටවල් සහ රුසියාව අතරේ යහපත් සබඳතා නිර්මාණය කර ගැනීමට මැදිහත් වූ සෝවියට් නායකයා ලෙස ගෙර්බචොව් සැලකෙයි. සෝවියට් දේශයේ බිඳ වැටීම සිදුවූයේ ගෙර්බචොව් නිසා යැයි ඇතැම් රුසියානුවන්ගේ විශ්වාසයයි.
(රොයිටර්)

