ගූගල් අඩපණ වෙලා: ‘ජීමේල්’ නැවතිලා
ලොව බොහෝ දෙනා පරිශීලනය කරන ගූගල් සමාගමේ, ඊමේල් සේවාව වන ‘ජීමේල්’අද (20) පැය කීපයකට හිටිහැටියේ අඩපණ විය.
එහි බලපෑම ලොව පුරා ජීමේල් පරිශීලිකයන් මහත් සේ අපහසුතාවට ලක් කිරීමට සමත් වූ බව විදෙස් පුවත් සේවා පසුව වාර්තා කළේය. ‘ජීමේල්’ පමණක් නොව, ගූගල් සමාගමේ ‘ගූගල් ඩ්රයිව්’, ‘ගූගල් ඩොක්ස්’ ඇතුළු සෙසු ගූගල් සේවා ද පැය කීපයකට අඩපණ වූ බව පැවැසෙයි.
ගූගල් සමාගම ලවසා ඇත්තේ සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවය.
‘ගූගල්’ යනු ඇමෙරිකාවේ පිහිටි පරිගණක, ස්මාට් ෆෝන් ජංගම දුරකතන සඳහා අන්තර්ජාල සේවා සැපැයුම් සමාගමකි. ‘ගූගල්’ සමාගමේ ප්රධානියා ඉන්දීය ඇමෙරිකානුවකු වන සුන්දර් පිහායි ය. ‘ගූගල්’ සමාගම පිහිටුවනු ලැබුවේ 1998 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මෙන්ලෝ පාක් හිදීය.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

