ගුවන් යානය මූදේ



දකුණු පැසිෆික් සාගරයේ මික්‍රෝනේසියා නමැති පත් රාජ්‍යයේ ගුවන් යානයක් ගොඩබෑමට සූදානම් වෙද්දී ගුවන් පථය මඟ හැරී මුහුදට පතිත වූ බව වාර්තා වේ.

නියමුවන්ට ගුවන් පථය මඟ හැරී මෙම අනතුර සිදුවුණු බව පැවැසෙයි. අනතුර සිදුවූයේ චූක් නමැති දූපතේ ගුවන්තොටුපොළ ආශි‍්‍රතවය. ගුවන්තොටුපොළ සහ ගුවන් පථය ඇත්තේ දූපත අද්දරය.

අනතුරට පත් වූයේ බෝයිං 737-800 වර්ගයේ මගී ගුවන් යානයකි. එය ‘එයාර් නියුගිනී’ ගුවන් සේවයට අයත් යානයකි.

යානයේ සිටි මගීන් සියල්ලෝම කුඩා බෝට්ටු යොදා ගෙන බේරා ගත් බවත්, අනතුරින් මගීන්ට හෝ යානයේ කාර්ය මණ්ඩලයට හෝ කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS