ගුවන් නියමුවන් රියද් අහස වර්ණවත් කරයි.



ගුවන් නියමුවන් 70කට වඩා වැඩි සංඛ්‍යාවකක් සහභාගි වෙමින් පවත්වන ලද ගුවන් සංදර්ශනයක් පසුගියදා තමාමා ගුවන් තොටුපොලේදී පවත්වන ලදී. 

පැය 3කට අධික කාලයක් පැවති ගුවන් සංදර්ශනය සෞදි ගුවන්සේවා අධිකාරිය සහ සෞදි ගුවන්සේවා සමාජය විසින් සංවිධානය කරන ලදී. 

ප්‍රවාහන අමාත්‍ය සුලෙයිමාන් අල්-හම්දන් සහ දසදහසකට අධික පිරිසක් මෙම විචිත්‍රවත් ගුවන් සංදර්ශනය නැරඹිම සදහා  පැමිණ සිටි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

දස දහසක පමණ පිරිසක් මහත් ප්රීතියකින් යුක්තව මෙම විචිත්‍රවත් ගුවන් සංදර්ශනය  භුක්ති විද ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.


(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

 


RECOMMEND POSTS