ගිනි කඳු පිපිරීමෙන් මියගිය ගණන ඉහළට



නවසීලන්තයේ වයිට් අයිලන්ඞ් හෙවත් වකාරි දූපතේ ගිනි කඳු පිපිරීමෙන් මියගිය ගණන 5 තෙක් ඉහළ ලොස් ඇති බව බලධාරීහු පවසති.

ගිනි කන්ද පිපිරී යද්දී ඊට ළංවී එය නරඹමින් සිටි සංචාරකයන් 20 කට වැඩි පිරිසක් අතුරුදන් බවත් ඔවුන් මියයන්න ඇතැයි විශ්වාස කෙරෙන බවත් නවසීලන්ත පුවත් සේවා වාර්තා කර ඇත.

අතුරුදන් බව කියන සංචාරකයන් 20 දෙනා අතර බ්‍රිතාන්‍ය ජාතිකයෝ තිදෙනෙක් ද වෙති.

(රොයිටර්)


RECOMMEND POSTS