ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ ‘ලොම්බාක්’ ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ ගිනි කන්ද අවට සිටි 500 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
ගිනි කන්ද අවට සිට ආරක්ෂිතව ඉවත් කළ පිරිස අතරින් වැඩි දෙනා සංචාරකයන් බව පැවැසෙයි. ඉන්දුනීසියාව ගිනි කඳුවලින් පිරුණු දූපත් රාජ්‍යයකි. බොහෝ අක්‍රීය ගිනි කඳු දෙස් විදෙස් සංචාරක ආකර්ශන ලෙස සැලකෙයි.
‘ලොම්බාක්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 12,224 ක් ඉහළිනි. මෙය ඉන්දුනීසියාවේ දෙවැනියට උසින් වැඩිම ගිනි කන්ද වෙයි.

ගිනි කන්ද සක්‍රීය වීමට පටන් ගත්තේ පසුගිය ඉරිදා ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ භූමි කම්පාවෙන් පසුව යැයි ද පැවැසෙයි.
ගිනි කන්ද හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ ඉන්දුනීසියා වැසියන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩාඩෝ කටයුතු කළේය.
(රොයිටර්)

