ගිනි කන්දක් පිපිරේ



ඇමෙරිකාවට අයත් හවායි දූපත් රාජ්‍යයේ, කිලවේයා නමැති දූපතේ ගිනි කන්දක් සක්‍රීය වී ලාවා ගැලීම ආරම්භ කිරීමත් සමඟ, දූපතේ වාසය කළ 1,700 කට වැඩි පිරිසක් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.

හවායි දූපත් ගිනි කඳුවලින් බහුලය. බොහෝ ගිනි කඳු අක්‍රිය වී ඇත. කිලවේයා දූපතේ ‘පූ ඕ’ නමැති එම ගිනි කන්ද ලාවා පිට කරමින් පුපුරා යද්දී, භූ කම්පන මාලාවක් ද හටගත්තේය.

ගිනි කඳු කුහරයෙන් නිකුත් වුණු ලාවාවලට හසුවීමෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බව ද පැවැසෙයි. මාර්ග රැසන් ලාවාවලට යටවීමෙන් මුළුමනින්ම විනාශ විය. ලාවා සමඟ සල්ෆර් ඩයොක්සයිඞ් විස වායු නිකුත් වීමට ද පටන් ගත්තේය.

කිලවේයා දූපත්වාසීන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට හමුදාව යෙදවීමට හවායි ආණ්ඩුකාර ඬේවිඞ් ඉගේ පියවර ගත්තේය. නිවාස අහිමිවීමෙන් සහන කඳවුරුවලට යොමු කළ වැසියන්ගේ ඕනෑ එපාකම් සොයා බලන බව ද ආණ්ඩුකාරවරයා පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS