ගින්නකින් ගුවන් යානයකට හානි
සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටා ඇති කිංග් අබ්දුල්ලාසිස් අන්තර්ජාතික ගුවන්තොටුපල තුල පිහිටි නඩත්තු පර්යන්තයේ නවතා තිබු වාහන දෙකක් හදිසියේ ගිනි ගැනීම නිසා නඩත්තු කටයුතු සඳහා පර්යන්තයේ නවතා තිබූ සෞදි ඇරේබියන් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකට සුළු හානි සිදුවී ඇති බව වාර්තා වේ.
ගුවන් යානයේ ඉදිරිපස කොටසට ගිනිගැනීම හේතුවෙන් සුළු හානි සිදුවී ඇති බව ගුවන් සමාගාමේ පාලනාධිකාරිය ප්රකාශ කල බව Al Mowaten පුවත්පත වාර්තා කළේය.
ගිනි නිවන භටයින් වහාම ගින්න නිවීම සඳහා පියවර ගත් අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

