ගෑස් කාන්දුව ගැන පරීක්ෂණ

සාජා නුවර දහවැනි කර්මාන්ත කලාපයේ ඇතිවු ගෑස් කාන්දු වීමක් හේතුවෙන් විශාල පිරිසක් ශ්වසන අබාධ වලට ලක්වී ඇතැයි වාර්තා වේ.
පුද්ගලයින් 74 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගතකල අතර 88 දෙනෙකුට ගෑස් කාන්දු වූ ස්ථානයේදීම ප්‍රතිකාර ලබාදී ඇතැයි වාර්තා වේ.
මහජන ආරක්ෂක ඒකකයේ විශේෂ කණ්ඩායමක් විසින් ගෑස් කාන්දු වන ස්ථානය වසා දැමීමට කටයුතු කරන ලදී.
ගෑස් කාන්දු වීම පිළිබදව පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව සාජා පොලීසිය ප්‍රකාශ කලේය.
ගෑස් කාන්දු වීමට අදාල තාක්ෂණික වාර්තාව නිකුත් වීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු කරගෙන යෑම සදහා මහජන නඩු පැවරීමේ අධිකාරියට භාර දෙන බව සාජා නුවර පොලිස් ප්‍රධානී, බ්‍රිගේඩියර් සයිෆ් අල්-ෂැම්සි කියා සිටියේය.
රෝහල් ගතකරන ලද පුද්ගලයින් එක් අයකු හැර අනිත් සියළු දෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ ඉතිරි පුද්ගලයා ප්‍රතිකාර ලබමින් ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

