ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ හොරු අරන්

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ගුණ සැමරුමදා, එතුමන්ගේ භෂ්මාවශේෂ සොරකම් කර ඇතැයි වාර්තා වේ.
භෂ්මාවශේෂ තැම්පත් කරනු ලැබ තිබුණේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රේවා නුවර පිහිටා ඇති ‘බාපු භවාන්’ ගාන්ධි ස්මාරකයේය. 1948 දී ගාන්ධිතුමන් ඝාතනය වූයේ හින්දු අන්තවාදියෙකුගේ වෙඩි තැබීමකිනි.
ගාන්ධි ස්මාරකයේ ඇති ගාන්ධිතුමන්ගේ ඡායාරූපයකට ද සොරුන් හානිකර ඇතැයි පැවැසෙයි. එම ඡායාරූපයේ කළු තෙල් තවරමින් ‘ද්‍රෝහියා’ යන වදන් එහි ලියා ඇති බව පොලිසිය පවසයි.
ඉන්දියාව සහ පාකිස්තානය බෙදී වෙන් වෙද්දී, හින්දු සහ මුස්ලිම්වරුන් අතර එකමුතුවක් ඇති කිරීමට ගාන්ධිතුමන් උත්සාහ ගත්තේය. ගාන්ධිතුමන් මරා දැමුණේ ඊට විරෝධය දැක්වූ අන්තවාදියෙකි.
(බී.බී.සී.)

