ග්‍රීසියේ දරුණු ළැව්ගිනි



ග්‍රීසියේ ඇතන්ස් අගනුවරට නුදුරින් පැතිර යන ළැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ළැව්ගිනි තත්ත්වය පාලනය කිරීමට ග්‍රීක ගිනිනිවන භටයන්ට හැකියාවක් ලැබී නැති බවත්, ඔවුන් විදෙස් සහාය ලබා ගන්නා බවත් පැවැසෙයි.

ළැව් ගිනි හේතුවෙන්, නිවස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇතැයි ග්‍රීක රජය කියයි. දස දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ළැව් ගිනි පැතිරීමේ වේගය වැඩි වී ඇති බව ද පැවැසෙයි.

ළැව් ගිනි තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ග්‍රීක අගමැති ඇලෙක්සි සිප්රාස් පවසා ඇත. ළැව් ගිනි තත්ත්වය හටගන්නා අවස්ථාවේදී, අගමැතිවරයා බොස්නියාවේ සංචාරයකට ගොස් සිටියේය. එම සංචාරය කඩිනමින් අවසන් කර ඔහු යළි ග්‍රීසිය බලා පැමිණි බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS