ග්‍රීන් කාඞ් අහෝසියි

ඇමෙරිකාවට සංක්‍රමණය වීමට ඉඩ සළසා දෙමින්, විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබුණු ‘ග්‍රීන් කාඞ්’ ලොතරැයි වැඩසටහන අහෝසි කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.
ග්‍රීන් කාඞ් යනු විදේශිකයන්ට ඇමෙරිකාවේ නීත්‍යාණුකූල ස්ථිර නේවාසිකයන් වීමට ඉඩ සළසා දෙන වැඩසටහනකි. මෙම ලොතරැයිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ද විවෘත වූ වැඩසටහනක් විය.
අහඹු ලෙස තෝරා ගන්නා අයැදුම්කරුවන්ට සංක්‍රමණික වීසා ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වීමට අවස්ථාවක් උදා වෙයි. සම්මුඛ පරීක්ෂණය සිදුවන්නේ ඇමෙරිකානු කොන්සල් නිලධාරියකු සමඟය.
අවශ්‍ය සුදුසුකම් සපුරා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුවහොත්, ඇමෙරිකන් රජයේ කැමැත්ත පරිදි එසේ තෝරා ගන්නා පිරිස් සඳහා ඇමෙරිකානු පුරවැසිභාවය පිරිනැමීම සිදු වෙයි.
සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ග්‍රීන් කාඞ් ලොතරැයි ක්‍රමය අහෝසි කිරිමට පියවර ගෙන ඇත්තේ පසුගිය 31 වැනිදා සවස නිව්යෝක් නුවර පා පැදිකරුවන් සහ පදිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරයයි.
ප්‍රහාරය එල්ල කළේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත හිතවාදියෙකි. 29 හැවිරිදි එම පුද්ගලයා උස්බෙකිස්තානයේ සිට සංක්‍රමණිකයකු ලෙස ඇමෙරිකාවේ පදිංචිය ආ 29 හැවිරිදි සේෆුලෝ සයිපෝව් නමැති තරුණයාය.
පොලිසිය කළ වෙඩි තැබීමෙන් පසු සයිපෝව් ජීවග්රහයෙන් අල්ලා ගත් අතර, නිව්යෝක් බලධාරීන් ඔහුට ත්‍රස්තවාදී චෝදනා එල්ල කර තිබේ.
(ඒ.එෆ්.පී.)

