කොළරා වසංගතයට 25 ක් බිලි



සිම්බාබ්වේ පැතිර යන කොළරා වසංගතය හේතුවෙන් තමන් කනස්සල්ලට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වසංගත තත්ත්වය ආරම්භ වූයේ සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ අගනුවරිනි. එය මේ වනවිට මසිවින්ගෝ දිස්ති‍්‍රක්කයට ද පැතිර යමින් පවතී.

රෝහල් ගතවන රෝගීන්ට නියමිත ප‍්‍රතිජීවක ඖෂධ ලබා දෙන නමුත් ඒවායින් ගුණයක් නැති බවට සිම්බාබ්වේ සෞඛ්‍ය බලධාරීහු පවසා ඇත.

රෝගය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව සිම්බාබ්වේ රජය කියා සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ විශේෂ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් හරාරේ අගනුවරට යැවූ බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS