කොරෝනා සීෂෙල්ස් යයි
සීෂෙල්ස් දූපත් රාජ්‍යයෙන් ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි වාර්තා වේ.
සීෂෙල්ස් යනු ඉන්දීය සාගරයේ නැගෙනහිර අප්‍රිකාවට ඔබ්බෙන් පිහිටි කුඩා දූපත් සමූහයකින් සැඳුම්ලත් රාජ්‍යයකි. සීෂෙල්ස් දූපතෙන් කොරෝනා ආසාදිතයන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
හමුවුණු මෙම ආසාදිතයන් දෙදෙනා ඉතාලි ජාතිකයන් බවත් ඔවුන් නිරෝධායනය කර තැබෙන බවත් සීෂෙල්ස් සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.
වික්ටෝරියා (රොයිටර්)

