කොරෝනා වෙස්වලාගෙන ආ ආශිර්වාදයක්



‘කොරෝනා වයිරසය වෙස්වලාගෙන ආ ආශිර්වාදයක්. මට වයිරසය ආසාදනය වූයේ දෙවියන්ගේ කැමැත්තට අනුවයි.’ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

‘වෛද්‍යවරුන් රීජෙනෙරොන් නමැති ඔසුව මට දුන්නා. ඒක දිව්‍ය ඖෂධයක් බවට සැකයක් නැහැ. මා ඉක්මණින් සුවය ලැබුව රීජෙනෙරොන් නිසයි. රීජෙනෙරොන් ඖෂධය මා සියලුම ඇමෙරිකානුවන්ට නොමිලේ ලබා දීමට කටයුතු කරනවා’ යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ට්විටර් ගිණුම ඔස්සේ වීඩියෝ පණිවුඩයක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේය.

‘රීජෙනෙරොන් ගැන මා කල්තියා දැන සිටියා, මට වයිරසය ආසාදනය වූ අවස්ථාවේ, මා මගේ වෛද්‍යවරයාට කීවා ඖෂධය මට ලබා දෙන්න. තවමත් අත්හදා බැලීම් සිදුවන බැවින් මා එය ලබා ගත්තේ මගේ කැමැත්තට අනුවයි. මා අවදානමක් ගත්තා. ඒක සැබැවින්ම සාර්ථකයි. මා ඇමෙරිකානුවන් සියලු දෙනාට රීජෙනෙරොන් ඖෂධය නොමිලේ දීමට කටයුතු කරනවා’ යැයි ජනපතිවරයා පොරොන්දුවක් ද දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS