කොරෝනා වැලඳුණු බිලිඳා මරුට

ඇමෙරිකාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ බිලිඳකු මියගොස් ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර ඇත.
ඒ අනුව, කෝවිඞ් වයිරසයට බිලිවුණු ලොව ළාබාළතම තැනැත්තා මෙම කුඩා බිලිඳා යැයි පැවැසෙයි. මෙම බිලිඳු මරණය වාර්තා වන්නේ ඇමෙරිකාවේ ඉලිනොයි ජනපදයෙනි.
(රොයිටර්)

