කොරෝනා මැද ට්‍රම්ප් ජන රැලි අරඹයි

සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන්, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ජන රැලිය ඔක්ලහෝමා ජනපදයේ ටුල්සා නුවර ක්‍රීඩාංගනයේ ආරම්භ විය.
ජන රැලිය සංවිධානය කර තිබුණේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ගැන කිසිදු තැකීමක් නොකරමිනි. මෙය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ඇතැමුන්ගේ පවා අප්‍රසාදයට හේතුවක් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
වයිරසය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස්වලට ගරු කරමින් බොහෝ දෙනකු රැලියට සහභාගී වූයේ නැත. පිරී ගියේ ක්‍රීඩාංගනයෙන් හරි අඩක් පමණි. සංවිධායකයන් පසුව කියා සිටියේ තමන් අපේක්ෂා කළ මට්ටමට ජනතා සහභාගීත්වයක් දකින්න නොලැබුණු බවය.
ලොව වැඩිම ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ මරණ 1,20,000 මේ වනවිට පසු කර ඇත.
ටුල්සාහිදීය (රොයිටර්)

