කොරෝනා මරණ 426 ට නගී



කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන අද (4) වනවිට 426 තෙක් ඉහළ ගොස් ඇති බවත්, කොරෝනා ආසාදිතයන් ගණන 19,856 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නගරයෙනි. වූහාන් නගරය ඇතුළු වයිරසය පැතිරෙමින් පවතින ප්‍රධාන නගර රැසක් මේ වනවිට සීල් තබා ඇත.

රටවල් රැසක් චීනය තෙක් ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, වූහාන් නගරයේ කොටුවුණු තම වැසියන් ආපසු ගෙන්වා ගැනීම ආරම්භ කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS