කොරෝනා මරණ 3,803 ක්

චීනයෙන් ආරම්භ වී, ඉතා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වන ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන මේවනවිට 3,803 දක්වා ඉහළ ගොස් ඇත. වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 109,835 ක් ලෙස වාර්තා වෙයි.
වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ, පසුගිය දෙසැම්බරයේය. අද වනවිට වයිරසය ලොව රටවල් රැසක වේගයෙන් පැතිරෙයි. චීනය තුළ වයිරසය ව්‍යාප්තවීමේ අඩුවක් දකින්න ලැබෙන බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත්තේ, චීනයෙන් කොරෝනා අසාදිතයන් හමුවීම සහ මරණ වාර්තාවීම දිනෙන් දින අඩු වෙමින් පවතින බවය. මේ වනවිට චීනයේ 3,097 ක පිරිසක් වයිරසයට බිලිවී අවසන්ය.
චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 7,375 කි. ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් ඇත. වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ උතුරුදිග ලොම්බාර්ඩි පළාතෙනි. එම පළාතේ වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශ 10 ක් මුළුමනින්ම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ. නිරෝධායන ක්‍රියාවලිය මිලියන 16 ක පිරිසකට බලපෑම් එල්ල කරනු ඇතැයි පැවැසෙයි. නිරෝධායන ක්‍රියාවලිය ලබන අප්‍රේල් 3 වැනිදා තෙක් පැවැත්වෙනු ඇතැයි ඉතාලි අගමැති ගුසිප්පේ කොන්තේ පවසා තිබේ.
දෙවැනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙනි. එම සංඛ්‍යාව 7,314 කි. දකුණු කොරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 50 කි. දකුණු කොරියාවේ මුහුණු ආවරණ හිඟයක් පවතින බැවින්, සලාක ක්‍රමයට මුහුණු ආවරණ ජනතාව අතරේ බෙදා දීමේ වැඩපිළිවෙළක් දකුණු කොරියානු රජය ආරම්භ කර ඇත. කලබල නොවී, රජයට සහාය දක්වමින්, එම මුහුණු ආවරණ ලබා ගැනීමට කටයුතු කරන ලෙස දකුණු කොරියා අගමැති චෙංග් සෙයි කියැං දකුණු කොරියානු වැසියන්ගෙන් ඉල්ලා ඇත.
ජිනීවාහිදීය (රොයිටර්)

