කොරෝනා දත්ත ට්‍රම්ප් අතේ

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් සියලු දත්ත ට්‍රම්ප් පරිපාලනය යටතට ගෙන ඇතැයි වාර්තා වේ.
මේ වනතුරු ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් සහ මරණ සම්බන්ධ සියලු දත්ත ඇමෙරිකානුවන්ටත්, ලෝකයටත් හෙළි කළේ ඇමෙරිකාවේ වසංගත රෝග පාලන ඒකකයි.
මින් ඉදිරියට එම දත්ත මහජන සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවට යැවෙයි. එම දත්ත ප්‍රමාද කිරීමට, වෙනස් කිරීමට හෝ සැගවීමට ඒ අනුව ට්‍රම්ප් පරිපාලනයට හැකි වනු ඇතැයි චෝදනා එල්ල වෙයි.
(රොයිටර්)

