කොරෝනා ආසාදිත ලාංකික කත
කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය වැළඳුනු ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වෙයි.
ශ්‍රී ලාංකිකයෙකුට මෙම රෝගය වැළඳුනු පළමුවන අවස්ථාව මෙය බවත් ඇය කාගේ කවුද යන්න පිළිබඳ මේ වනතුරු වැඩි විස්තර ලැබී නැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
ඇය මේ වනවිට ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බව පමණක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. තානාපති කාර්යාලයෙන් ඇය පිළිබඳ වැඩි විස්තර ඉල්ලා ඇති බව ද ඔහු කීය.
කෙසේ වෙතත් ඉතාලියේ ප්‍රෙෂියා නගරයේ ජීවත් වන ඇයට මෙම රෝගය වැළඳුනේ සේවය කරන නිවසේ ඇය විසින් බලාගන්නා වයෝවෘද්ධ වැඩිහිටියෙකු ගෙන් බව පවසන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සංසරණය වෙයි.
තමන් විසින් බලා ගත් වැඩිහිටියාට කොරෝනා රෝගය වැළඳී ඇතැයි දැනගත් බවත් පසුව ඉකුත් ඉරිදා තමන්ට හිසරදය හා උණ වැ`ළදුන බැවින් රෝහලට පැමිණ පරික්ෂා කිරීමේ දී එම රෝගය වැළඳී ඇතැයි දැනගත් බවත් ඇය පවසන්නීය.
මෙම වීඩියෝව මිලානෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු හා රෝගී කාන්තාව අතර සිදුවන දුරකථන සංවාදයක් බව පෙනේ.
විනීතා එම් ගමගේ

