කොරෝනා ආවේ වවුලන්ගෙන් තමයි

කොවිඩ් 19 යන නාමයෙන් හැදින්වෙන කොරෝනා වයිරසය මිනිසුන්ට ආසාදනය වූයේ වවුලන්ගෙන් යැයි නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
මේ බව තහවුරු කර ඇත්තේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් විශ්ව විද්‍යාලයේ වයිරස පර්යේෂණ අංශයේ විද්‍යාඥයන්ය.
ඔවුන් සිදු කළ අධ්යයනෙයන් පැහැදිලි වී ඇත්තේ, වයිරසය විකෘති වෙමින් වවුලන් තුළ තිබුණු බවත්, එය කෙළින්ම වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්න ඇති බවත්ය.
කොවිඩ් 19 යනු කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා වන අතර, මෙම වයිරස පවුලට අයත් වයිරස බොහොමයකි.
සාර්ස් සහ මර්ස් යනු කොරෝනා වයිරසය. සාර්ස් මිනිසුන්ට ආසාදනය වුයේ අඳුන් දිවියන්ගෙනි. මර්ස් ආසාදනය වූයේ ඔටුවන්ගෙනි.
මීට පෙර විද්‍යාඥයන් සැක කළේ කොවිඩ් 19 වයිරසය, වවුලන් සහ අතරමැදි සතකු හරහා මිනිසුන්ට ආසාදනය වී, මිනිසුන් අතරේ පැතිරෙන්න ඇති බවය.
කෙසේ නමුත් ග්ලාස්ගෝව් විශ්ව විද්‍යාලෙය් විද්‍යාඥයන් ට අනුව, වයිරසය කෙළින්ම වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී ඇත.
ඔවුන් මේ බව තහවුරු කර ගැනීමට, වවුලන්ගේ කොරෝනා වයිරස විෂබීජ පුළුල් අධ්‍යයනයකට යොමු කර කළ බව ද පැවැසෙයි.
තම අධ්‍යයන වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කරන බවත්, වූහාන් නුවරට ගොස් වයිරසයේ සුලමුල සෙවීම කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ විමර්ශන කණ්ඩායමට ද එම අධ්‍යයන වාර්තා ලබා දීමට කටයුතු කරන බවත් ග්ලාස්ගෝව් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
2019 දෙසැම්බරයේ කොවිඩ් 19 වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළෙනි.
(එන්.ඩී.ටීවි.)

