කොරෝනාට බියෙන් මුගටියෝ මරලා

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බියෙන්, ‘මින්ස්ක්’ මුගටියන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මරා දැමීමට සිදුවුණු බව ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ පවසා ඇත.
‘මින්ස්ක්’ මුගටියන් ලොම් ලබා ගැනීමේ අරමුණින් ඇති කෙරේ. ස්පාඤ්ඤයේ ‘කොවිඩ් 19’ වයිරස වසංගත තත්ත්වයක් වාර්තා වූ ඇරුගොන් පළාතේ ‘මින්ස්ක්’ මුගටි ගොවිපොල රැසක් පිහිටා ඇත.
\මුගටියන් මරා දැමීමට පියවර ගැනුනේ ගොවිපොල හිමිකරුවන් වයිරස ආසාදිතයන් යැයි තහවුරු වීමෙනි.
‘කොවිඩ් 19’ කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. කොරෝනා වයිරස යනු ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී මිනිසුන් අතරේ අතරේ පැතිරෙන වයිරසයකි.
‘මින්ස්ක්’ මුගටියන් මරා දැමීම සිදුවූයේ, මිනිසුන්ගෙන් වයිරසය මුගටියන්ට පැතිර ගොස් ඇතැයි තහවුරු වීමෙනි.
(රොයිටර්)

