කොරියා නායකයා හමුදා ප්‍රධානියකු මරයි



තම සොල්දාදුවන්ට ලැබිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර සහ ඉන්ධන ලබා දුන්නැයි චෝදනා එල්ල වූ හමුදා ප්‍රධානියකු වෙඩි තබා මරා දැමීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කටයුතු කර ඇතැයි මේල් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.

චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මරා දැමුණේ ලුතිනන් ජනරාල් හියොන් ජූ සොන් යැයි ද මාද්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි. මෙම හමුදා ප්‍රධානියා කිම් ජොන් උන් නිරන්තරයෙන් විවේචනය කළ අයකු බව ද පැවැසෙයි.

(මේල් ඔන්ලයින්)


RECOMMEND POSTS