කොරියා දේශසිමාවේ වෙඩි තැබිමක්



උතුරු කොරියා සහ දකුණු කොරියා දේශසීමාවේ හමුදා සොල්දාදුවන් අතර වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් කිසිවකුටවත් තුවාලයක් සිදු වූයේ නැත.

උතුරු කොරියාව දෙසින් දකුණු කොරියා හමුදා මුරපොළකට වෙඩි ප්‍රහාරය පළමුවෙන් එල්ල වී ඇත. දකුණු කොරියානු හමුදා පෙරළා උතුරු කොරියානු හමුදා මුරපොළ ඉලක්ක කර ගනිමින් වෙඩි තැබුවේ ඉන්පසුවය.

මෙවැනි වෙඩි තැබීමක් මීට පෙර වාර්තා වූයේ 2017 දීය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර යහපත් සබඳතා පවතී. සාමව වෙනුවෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා කැමත්ත පළ කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS