කොරියාවේ සේවයේ යෙදී වීසා අවසන් වූ ශ‍්‍රමිකයන්ට ගුවන් ගමන් රක්ෂණ ආවරණයක්



කොරියාවේ සේවයේ යෙදී සිට වීසා කාලය අවසන් වූ පසු මව් රටවල් බලා යන ශ‍්‍රමිකයන්ට ගුවන් ගමන් රක්ෂණ ආවරණය  ලබා ගත හැකි බව  මව් රටවල් බලා යන බොහෝ ශ‍්‍රමිකයෝ තවමත් නොදනිති.

මෙම ප‍්‍රතිලාභය හිමි කර ගැනීම මඟහරවා ගන්නා විදේශ ශ‍්‍රමිකයෝ විශාල පිරිසක් සිටින බැවින් ඒ පිළිබදව අවබෝධයකින් පසුවන ලෙස ඉල්ලීමක් කෙරේ. 

ගුවන් ගමන් රක්ෂණ ප‍්‍රතිලාභය ලෙස වොන් 600,000 (රුපියල් 60000 ක් පමණ) විදෙස් ශ‍්‍රමිකයන් වෙත හිමිවන අතර එය ලබා ගැනිම කල් ගත වුව හොත් රාජසන්තක වන බව පැවැසේ.

එරටින් පිට වීමට පෙර මෙම ගුවන් ගමන් රක්ෂණ ප‍්‍රතිලාභය ලබා ගැනීමට කටයුතු  කරන්නට කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබත් සිහියේ තබාගන්න.  

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS