කොරියාවේ නීති විරෝධීව රැදී සිටන විදේශිකයන් සෙවීමේ යාන්ත්‍රණය දැඩි කෙරේ
කොරියාව තුළ නීති විරෝධීව රැදී සිටින විදේශිකයන් සොයන මෙහෙයුම් වහා දැඩි කිරීමට එරට රජය කටයුතු කොට ඇතැයි එරට පළවන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙසේ නීති විරෝධීව රැදී සිටින්නන් සොයන මෙහෙයුම් ලබන අපේ‍්‍රල් මාසයේ සිට වඩාත් පුළුල් කිරීමට කොරියානු රජය තීරණය කර තිබු නමුත් දිනෙන් දින ඉහළ යන විදේශිකයන් සංඛ්‍යාව හේතුවෙන් මෙසේ මෙහෙයුම් වැඩි කිරීමට තීරණය කළ බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සේවා ගිවිසුම් කාලය අවසන් වූ පසු එහි රැදී සිටින සියලූ විදේශිකයන් නීති විරෝධීව රැදී සිටින අය ලෙස සැලකේ්. නීතිවිරෝධී ලෙෂ එරට සිටින්නේ නම් වහා මව් රටට යාමට හෝ වීසා අලූත්කර ගැනීමට කටයුතු කරන ලෙස එරට තානාපති අංශ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
විනීතා එම් ගමගේ

