කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට



දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. 

දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 සීමාව පසු කළේය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු වැඩිම උණුසුම යැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.

යැංග්සැන්ග් නුවර පමණක් නොව, එරට ප්‍රධාන නගර බොහොමයක උෂ්ණත්වය ඊයේ (2) වනවිට සෙල්සියස් අංශක 40 සීමාව පසු කළ බව ද පැවැසෙයි. අධික උණුසුම, සෞඛ්‍ය ගැටලුවලට හේතුවක් විය හැකි යැයි වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ.


RECOMMEND POSTS