කොංගෝ-ඇංගෝලා ළැව් ගිනි නිවන්නත් අධාර ඕනෑ

ඇමසන් වැසි වනාන්තරය පමණක් නොව, අප්‍රිකා මහද්වීපයට අයත් කොංගෝ ද්‍රෝණියේ පිහිටි මහා වනාන්තරයේත්, ඇන්ගෝලා වනාන්තරයේත් ළැව් ගිනි පැතිර යමින් පවතින බවත්, එම ළැව් ගිනි කෙරෙහි ද ලෝක නායකයන්ගේ අවධානය යොමු විය යුතු බවත් පරිසරවේදීන් සහ පරිසරය සුරැකීමේ ජගත් සංවිධාන පෙන්වා දෙයි.
පරිසරවේදීන් සහ පරිසරය සුරැකීසෙම් සංවිධාන මේ බව පෙන්වා දුන්නේ, ඇමසන් වැසි වන්නාතරයේ ළැව් ගිනි නිවා දැමීමට, ලොව බලවත් ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් වන ‘ජී7’ කණ්ඩායම එක් වී, ඇමසන් වනයේ ළැව් ගිනි නිවා දැමීමට ඇමෙරිකන් ඩොලර් 22.2 ක මුදලක් බ්‍රසීල රජයට පරිත්‍යාග කිරීමත් සමඟය.
“ඇමසන් වැසි වනාන්තරය හැඳින්වෙන්නේ ලොව නෙහහල්ල යනුවෙනි. එසේ නම් කොංගෝ ද්‍රෝණියේ පිහිටි මහා කොංගෝ වනාන්තරය හැඳින්වෙන්නේ ලොව දෙවැනි පෙනහැල්ල වෙනවා. ජී7 නායකයන්ගේ අවධානය යොමු වුණේ ඇමසන් වැසි වනාන්තරය කෙරෙහි පමණයි. කොංගෝ සහ ඇන්ගෝලා වනාන්තරවල ළැව් ගිනි පැතිර යන්නේ ඇමසන් ළැව් ගිනිවලටත් කලින්” යැයි ග්ලෝබල් ෆොරස්ට් වොච් වනාන්තර සුරැකීමේ ජගත් සංවිධානයේ වනාන්තර සම්බන්ධ විශේෂඥවරියක වන ලොරේන් විලියම්ස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. ග්ලෝබල් ෆොරස්ට් වොච් වනාන්තර සුරැකීමේ ජගත් සංවිධානය කොංගෝ ජනරජයේ අගනුවර වන කිංෂාසා කේන්ද්‍ර කොට ගනිමින් පිහිටුවා ඇත.
අප්‍රිකාවේ මහ වනාන්තරවලත් ඇමසන් වැසි වනාන්තරයේත් ළැව් ගිනි හට ගැනීම ස්වභාවිකය. පස සාරවත් වී, වනාන්තරය අලුතින් පෝෂණය වී හොඳින් වැඩෙන්නේ ළැව් ගිනි හේතුවෙනි. ස්වභාවික අයුරින් ළැව් ගිනි හටගන්නේ අකුණු ගැසීම්වලිනි. කෙසේ නමුත් අද වනවිට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කැළෑ ගිනි තැබීම සහ එළිපෙහෙළි කිරීම නිසා ළැව් ගිනි පැතිර යයි. ඇමසන් වැසි වාන්තරයේත් කොංගෝවේ සහ ඇංගෝලාවේත් අන් කවරදාටත් වඩා දරුණු ලෙස ළැව් ගිනි පැතිරෙන්නේ මේ නිසාය.
ඩකාර්හිදීය (රොයිටර්ස්)

