කොංග්රස් පක්ෂ නායකත්වය යළිත් සෝනියාට

ලැබූ මැතිවරණ පරාජයෙන් පසු, පක්ෂයේ සභාපති ධුරයෙන් රාහුල් ගාන්ධි ඉවත් වීමත් සමඟ, එම ධුරය යළිත් වරක් රාහුල්ගේ මව සෝනියාට ලබා දීමට කොංග්රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
කොංග්රස් පක්ෂයේ සභාපති ධුරයට සෝනියාගේ නම යෝජනා කළේ හිටපු ඉන්දීය අගමැතිවරයකු වන මන්මෝහන් සිංය. කොංග්රස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයට ද සෝනියාගේ නම යෝජනා වූ බව පැවැසෙයි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

