කොංග්‍රස් පක්ෂ නව නායකයා මෝතිලාල් වෝරා



රාහුල් ගාන්ධිගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වුණු ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන මෝතිලාල් වෝරා පත් කර ඇත.

මෝතිලාල් වෝරා කොංග්‍රස් පක්ෂයේ අන්තර්වාර නායකයා ලෙස කටයුතු කරනු ඇත්තේ ඉදිරියේ දී, නායකත්වයට සුදුස්සකු පත් කර ගන්නා තෙක්ය.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන්නේ කොංග්‍රසයයි. කොංග්‍රස් පක්ෂය ගාන්ධි පරපුරේ උරුමයයි. රාහුල්ගේ පියා රජිව් ගාන්ධි, මිත්තණිය ඉන්දිරා ගාන්ධි සහ මුත්තා ජවහර්ලාල් නේරු ඉන්දියාවේ අගමැති ධුරය හොබවා ඇත.

පක්ෂයේ නායකත්වය දැරූ 49 හැවිරිදි රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉවත් වූයේ පසුගිය 3 වැනිදා නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බාර දෙමිනි.

රාහුල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණේ පසුගිය ලෝක් සභා මැතිවරණයෙන් ලැබූ දැවැන්ත පරාජයේ වගකීම බාර ගනිමිනි. කොංග්‍රස් පක්ෂ නායකත්වයට සුෂිල් කුමාර් ශින්දේ සහ මල්ලිකාර්ජුන් කාර්ගිගේ නම් යෝජනා වී ඇතැයි ද ඉන්දී්‍ය පුවත් සේවා වාර්තා කරයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS