කේරළරයට මහ වැසි 17 ක් මරුට



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, මේ වනවිට පුද්ගලයන් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වී දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ප්‍රතිවාදී කොංග්‍රස් පක්ෂයේ හිටපු නායක රාහුල් ගාන්ධියේ වේනන්ද් ආසනය පමණක් නොව, ඉඩුක්කි, මලප්පුරාම් සහ කොසිකෝදී යන පළාත්වලට ද මහ වැසි හේතුවෙන් දරුණු හානි සිදුවී ඇත.

විපතට පත් වූවන්ට සහන සැලැසීම සම්බන්ධයෙන් තමන් ඉන්දීය අගමැති මෝදිට ඇමැතුමක් දී සාකච්ඡා කරන බව රාහුල් ගාන්ධි වේනන්ද් වැසියන්ට පවසා ඇත.

කේරළයේ කෝචිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පමණක් නොව, පාසල් සහ කාර්යාල සියල්ල වසා දමා ඇත. ගුවන්තොටුපොළ බලධාරීන් පවසා ඇත්තේ ලබන ඉරිදා (11) වනතුරු ගුවන්තොටුපොළ වසා තැබෙනු ඇති බවය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS