කේරළයේ ‘නීපා’ වයිරසය පැතිරේ
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ‘නීපා’ වයිරසය පැතිර යමින් පවතින බවත්, වයිරසය පැතිරීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.
‘නීපා’ මාරක වයිරස උණ රෝගයකි. මේ වනවිට 23 හැවිරිදි තරුණයකුට වයිරසය ආසාදනය වී ඇති බවත් ඔහු කේරළයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය බලධාරීහු මාධ්‍ය හමුවේ පවසා ඇත.
එම තරුණයාට සාත්තු කළ හෙදියන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු ද රෝගී වී සිටින බවත් පැවැසෙයි. මීට අමතරව ‘නීපා’ ආසාදිතයන් යැයි සැක කෙරන රෝගීන් 57 දෙනකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.
‘නීපා’ රෝගීන් හමුවී ඇත්තේ, එරාකුලම්, ත්‍රීසූර් සහ කොසිකෝදේ යන දිස්ත්‍රික්කවලිනි. පසුගිය වසරේ ද කේරළයෙන් ‘නීපා’ වසංගත තත්ත්වයක් වාර්තා විය. 2017 වසරේ දී රෝගීන් 18 දෙනකු හමුවුණු අතර ඔවුන්ගෙන් 17 දෙනකුම මියගිය බව වාර්තා විය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

