කේරළයේ කොරෝනා ඔඩුදුවයි



ඉතා සාර්ථකව ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කළ කේරළ ප්‍රාන්තයෙන් යළිත් වරක් ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මේ වනවිට කේරළයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 13,274 කි. මරණ වාර්තා වන්නේ 43 ක් ලෙසිණි. නව ආසාදිතයන් හමුවී ඇත්තේ පූන්තුරා නමැති ධීවර ගම්මානය ආශ්‍රිතවය. මෙම ගම්මානය පිහිටා ඇත්තේ ත්‍රිවන්ද්‍රම් අගනුවරට නුදුරිනි. වයිරස ව්‍යාප්තියත් සමඟ පූන්තුරා නගරය අගුළු දැමීමට (ලොක්ඩවුන්) සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉන්දියාවෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා වාර්තා වූයේ කේරළයෙනි. ඒ පසුගිය ජනවාරියේය. එම ආසාදිතයා චීනයේ වූහාන් නුවර සිට පැමිණි ඉන්දීය ජාතික වෛද්‍ය සිසුවෙකි.

ඉන්පසු කේරළයෙන් ආසාදිතයන් වාර්තා වීම සිදුවුවත් මැයි මාසය වනවිට ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වුවත්, කේරළයේ ඇරැඹි කොරෝනා රැල්ල මර්දනය කර ගැනීමට කේරළ සෞඛ්‍ය බලධාරීහු සමත් වූහ. කේරළය වයිරසය මර්දනය කළ ආකාරය ඉන්දීය මධ්‍යම රජයේ පවා පැසැසුමට ලක් විය. වයිරසය මර්දනය කරන ආකාරය සම්බන්ධයෙන් ආදර්ශයට ගැණුනේ ද කේරළයයි.

මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය අතරින් ලොව තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මිලියන 1.16 කි. මරණ වාර්තා වන්නේ 28,000 ක් ලෙසය.

බ්‍රසල්ස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS