කෙජ්රිවාල්ට ඇප



දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන එස්.එෆ්.ජේ වෙතින් දේශපාලන අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ජාතික විමර්ශන ඒජන්සිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබුණි. ඒ, දිල්ලි ආණ්ඩුකාර වී.කේ. සක්සේනාගේ චෝදනා වලට අදාළවය.

මහ ඇමැති කෙජ්රිවාල් මෙම චෝදනා ප්‍රතික්ෂේක කරන අතර ඔහු පවසන්නේ, ඔහු සහ ඔහුගේ ආම් ආද්මී පක්ෂය දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති බවය.


RECOMMEND POSTS