කුවේට් කතකට අඩන්තේට්ටම් කළැයි ශ්‍රී ලාංකිකයා අත් අඩංගුවට

නොහොබිනා අයුරින් කුවේට් කාන්තාවක අත ගෑවේයයි කියන සිද්ධියක් මත ශ්‍රී ලාංකික රියැදුරෙකු අත් අඩංගුවට ගත් බව කුවේට් නගරයෙන් වාර්තා වෙයි.
එහෙත් අත් අඩංගුවට ගනු ලැබූ රියැදුරා පවසා ඇත්තේ ඇයට සුබ පතන්නට අතට අත දුන් බවය. ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ශ්‍රී ලාංකිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාළ කාන්තාව සාද් අල් අබ්දුල්ලා පොලිස් සථානයට කළ පැමිණිල්ලකට අනුවය.
තම අසල්වැසියාගේ ශ්‍රී ලාංකික රියැදුරා තමා නොහොබිනා අන්දමට අල්ලා පැන ගියේයයි ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි කියැවේ.
සැකකරු අත් අඩංගුවට ගනු ලැබුවායින් පසුව ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා ඇයට සුබ පතන්නට අතට අත දුන්නා පමණක් බවය.
ඔහුට එරෙහිව අවශ්‍ය පියවර ගෙන ඇතැයිද ඒ අනුව ඔහු නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර එතෙක් ඔහු පොලීසියේ රඳවා ගෙන සිටින බවද කුවේට්හි පළවන අරාබි ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

