කිසිදු පක්ෂයකට දිනුමක් නෑ



දකුණු අප්‍රිකා ජනාධිපතිවරණයෙන්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ පලාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් දිනා ගැනීමට හැකියාව ලැබුණේ නැත.

1994 වසරේ, වර්ණභේදවාදය තුරන් කිරීමෙන් පසු, දකුණු අප්‍රිකාවේ බලයේ සිටියේ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයයි. අප්‍රිකානු ජාතික කොංග්‍රසයට බහුතර බලයක් හිමි නොවුණු පළමු අවස්ථාව මෙයයි.

ජනාධිපති සිරිල් රැම්පෝසා නායකත්වය දෙන අප්‍රිකානු ජාතික කොංග්‍රසයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවැනි ස්ථානයට පත්වූයේ සියයට 21 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. හිටපු ජනාධිපති ජේකොබ් සූමා සහ අභිනවයෙන් පිහිටුවූ ඔහුගේ ‘එම්.කේ.’ පක්ෂය දිනා ගත්තේ ආසන 13 කි.

ජේකොබ් සූමා, ජනාධිපති ධුරය අහිමි වී, අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂය සමඟ මත ගැටුම් ඇති කර ගනිමින්, පක්ෂයෙන් ඉවත් වී, ‘එම්.කේ.’ පක්ෂය පිහිටුවා ගත්තේය. එම පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වුණු පළමු අවස්ථාව මෙයයි. 

ජනාධිපති රැම්පෝසා මෙන්ම හිටපු ජනාධිපති ජේකොබ් සූමා ද පවසා ඇත්තේ තමන්ට හිතවත් දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවීමට උත්සාහ ගන්නා බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS