කිලෝ 300ක තරබාරු පුද්ගලයෙකු දෙඹකරයක ආධාරයෙන් බිමට බස්සවයි

එක්සත් අරාබි එමිරේට් හි සාජා නුවර පිහිටි මහල් නිවාසයක ජීවත්වන කිලෝ 300ක් බර පුද්ගලයෙකු එම මහල් නිවාසයෙන් බිමට බස්වා ප්රතිකාර ලබාදීම සදහා රෝහල් ගත කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
මෙම තරබාරු පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබදව වාර්තා නොවන අතර අධික ලෙස රෝගාතුර වීම නිසා රෝහල් ගත කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
මහජන ආරක්ෂක අංශයේ නිලධාරීන් පැමිණ මහල් නිවාසයේ සිට පහලට දෙඹකරයක ආධාරයෙන් ගුවන් ඉනිමගක් සවිකර එම ඉනිමග ආධාරයෙන් බිමට බස්සවා ඇත.
මහජන ආරක්ෂක ඒකකයේ ගිලන් රථ මහල් නිවසය අසල නවතා තබා තිබු අතර බිමට බැස්වීමෙන් අනතුරුව ගිලන්රථයට නංවාගෙන රෝහල වෙත රැගෙන ගිය බව සාජා හි මහජන ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ කර්නල් සාමි අල්- නකාබි ප්රකාශ කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්රියදර්ශන ජයතිලක

