කියෙව් වැසියන්ට නගරයෙන් පිටවෙන්න අවසර



යුක්රේන කියෙව් අගනුවර වැසියන්ට කිසිදු බාධාවකින් තොරව, නිදහසේ අගනුවරින් පිටවී යෑමට අවසර දෙන බව රුසියන් හමුදාව පවසා තිබේ.

‘කියෙව් ප්‍රධාන අධිවේගී මාර්ගය ඔස්සේ සිවිල් වැසියන් සියලු දෙනාට නිසඑසේ නගරයෙන් පිටවෙන්න අවසර දෙනවා.  මේ වනවිටත් කියෙව් අගනුවර අප අත්පත් කරගෙන අවසන්. ගොඩබිමින් පමණක් නොව ගුවනින් ද අප කියෙව් අගනුවර වට කර අවසන්.’ යැයි රුසියන් ආරක්ෂක අමත්‍යාංශ ප්‍රකාශක ඊගෝර් කොනෂෙන්කෝ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS