කියුබාවට නව ව්‍යවස්ථාවක්

කියුබා ජාතික මන්ත්‍රණ සභාව නව ව්‍යවස්ථාවක් සකස් කරනු ලැබ ඇති බවත්, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිත බවත් කියුබා පුවත් සේවා වාර්තා කරයි.
සීත යුද සමයේ පටන් කියුබාවේ ක්‍රියාත්මක වන්නේ, කොමියුනිස්ට් පාලනයට මුල්තැන දෙමින් සැකැසූ ව්‍යවස්ථාවකි. එම ව්‍යවස්ථාව වෙනස් කරමින් ලෝකයට විවෘත නව ව්‍යවස්ථාවක් තමන් සකස් කර ඇති බව කියුබා ජාතික මන්ත්‍රණ සභාව වැඩි දුරටත් පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

