කිම් ජොන් උන් වියට්නාමයේ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සමඟ පැවැත්වෙන සමුළුවට සහභාගීවීමේ අරමුණින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් චීනය හරහා වියට්නාමය බලා පැමිණියේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනි හමුව පැවැත්වෙන්නේ 27 සහ 28 දෙදිනය.
විශේෂ නියෝජිත පිරිසක් ද පිරිවරා ගනිමින්, කිම් ජොන් උන් වියට්නාමය බලා පැමිණියේ ඔහුගේ විශේෂ දුම්රියෙනි. දුම්රිය උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරින් පිටත් වී චිනය හරහා වියට්නාම දේශසීමාවට පැමිණියේය.
චීන වියට්නාම දේඔසීමාවේදී දුම්රිය ගමන අවසන් වූ අතර, දේශසීමාවේ සිට වියට්නාමයේ හැනොයි අගනුවර බලා උතුරු කොරියා නායකයා ගමන් කළේ රිය පෙරහරකිනි. දේශසීමාවේ ඩොංඩැං දුම්රිය ස්ථානයේ සිට හැනොයි අගනුවරට කිලෝ මීටර් 170 ක් වූ බව ද පැවැසෙයි.
හැනොයිහිදීය (රොයිටර්ස්)

