කිම් ජොන් උන් චීනයේ

උතුරු කොරියානු රජයට අයත් විශේෂ දුම්රියක් දේශසීමා හරහා චීනයට පැමිණි බවත් එම දුම්රියෙන් පැමිණියේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කෙසේ නමුත් මේ බව උතුරු කොරියාව හෝ චීනය හෝ සනාථ කර නැත. ඒ, උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි ද පැවැසෙයි.
උතුරු කොරියා නායකයා මෙසේ චීනයට පැමිණියේ නම්, 2011 වසරෙන් පසු, ඔහු විදේශයක සංචාරය කරන පළමු අවස්ථායව මෙය වනු ඇතැයි ද පැවැසෙයි. උතුරු කොරියාවේ සිට චීනයේ බීජීං නුවරට එම විශේෂ දුම්රිය පැමිණෙද්දී, බීජීං නුවර ආරක්ෂාව අසාමාන්‍ය අයුරින් දැඩි කිරීමට චීන ආරක්ෂක අංශ පියවර ගත් බව ද වාර්තා වේ.
උතුරු කොරියානු නායකයා සහ චීන රජය අතර සමීප සබඳතා පවතී. ඉදිරියේ දී උතුරු කොරියානු නායකයා ඇමෙරිකා ජනාධිපති පුටින් සමඟ සාකච්චා පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් චීන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඔහු චීනයට පැමිණෙන්න ඇතැයි ද සැකයක් පවතී.
(බී.බී.සී.)

