කිම් ජොන් උන් ආපසු උතුරු කොරියාවේ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් සමඟ වියට්නාමයේ හැනොයි අගනුවර පැවැති සමුළුව අවසන් කර, නායක කිම් ජොන් උන් සහ නියෝජිත පිරිස යළි උතුරු කොරියාවට පැමිණියේය.
උතුරු කොරියා වැසියන්ගෙන් නායක කිම් ජොන් උන් සහ නියෝජිත පිරිසට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. නායක කිම් ජොන් උන්ගේ සහ නියෝජිත පිරිස පැමිණි දුම්රිය වට කර ගනිමින් උතුරු කොරියානුවෝ ප්රීති ඝෝෂා කරන්න වූහ.
ජනපති ඩොනල්ඞ් ට්රම්ප් සහ නායක කිම් ජොන් උන් අතර හමුව පැවැතියේ වියට්නාමයේ හැනොයි අගනුවරය. ඒ, පසුගිය 27 සහ 28 දෙදිනය. කෙසේ නමුත් සමුළුව අසාර්ථක ලෙස අවසන් විය. ඒ, ට්රම්ප් සහ කිම් ජොන් උන් අතර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුණු නිසාය.
යොංග්යැංග්හිදීය (රොයිටර්ස්)

