කිම් ජොන් උන්ගේ බිරිඳ ගැන කතාබහක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බිරිඳ මාස 5 කට පමණ පසු ප්‍රසිද්ධියේ පෙනී සිටි බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
රී සොල් ජූ ඊයේ (1) උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර මැන්සුඩේ රගහලේ පැවැති කලා උත්සවයකට සම්බන්ධ වූ අතර, මාධ්‍ය හමුවේ ද පෙනී සිටියාය.
රී සොල් ජූ, මීට පෙර ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය 2021 සැප්තැම්බර් 9 වැනිදාය.
‘කොවිඩ් 19’ වසංගතයට පෙර කිම් ජොන් සහභාගී වූ සියලු රජයේ සහ හමුදාවේ උත්සවවලට රී සොල් ජූ සහභාගී වූවාය. කෙසේ නමුත්, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, රී සොල් ජූ සහ නායක කිම් ජොන් උන් එකට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත.
(එන්.ඩී.ටීවී.)

