කැස්සක් කළ හදියක්

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ බලපෑමට හසුවුණු ඕස්ටේ්රලියා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් එරට මුදල් අමාත්‍ය ජොෂ් ෆ්රයිඩෙන්බර්ග් පාර්ලිමේන්තුව අමතද්දී ඔහුට කැස්සක් හටගත්තේය.
මුදල් ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු කතාව මිනිත්තු 30 ක් වූ නමුත්, මිනිත්තු 15 ක් ගත වෙද්දී කැස්ස ඇතිවිය. කැස්ස නිසා ඔහුට කතා කර ගැනීමට පවා නොහැකි විය.
අගමැති ස්කොට් මොරිසන් අසුන් ගෙන සිටියේ ජොෂ් ෆ්රයිඩෙන්බර්ග් අසලය. කැස්ස පාලනය කර ගැනීමට වතුර පානය කළත් එය අසාර්ථක වූ අතර අගමැති ජොන්සන්ගේ උසුළු විසුළුවලට ලක් වීමට ද මුදල් ඇමැතිවරයාට සිදුවිය.
කැස්ස හේතුවෙන් රැස්ව සිටි සැම චකිතයට පත් වුණු බව පසුව අනාවරණය විය. අවසානයේ දී ජොෂ් ෆ්රයිඩෙන්බර්ග් ‘කොවිඞ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණි. එහිදී තහවුරු වූයේ ඔහුට වයිරසය ආසාදනය වී නැති බවය.
(රොයිටර්)

