කැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන්ටා ක්ලාරා ප්‍රාන්තයේ, ගිල්මෝර් නුවර පැවැති ආහාර සැණකෙළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ 15 ක් රෝහල් ගත කෙරුණි.
සැණකෙළියට පැමිණ සිටි පිරිස් පසුපස පන්න පන්නා, උමතුවෙන් වෙඩි තැබීම කළේ අවුරුදු 30 ක පමණ සුදු ජාතික තරුණයෙකි. සිද්ධිය සැලවීමත් සමඟ ගිල්රෝව් පොලිස් නිලධාරීන් වහා පැමිණ සැණකෙළි භූමිය වට කළේය.
පොලිසිය කළ වෙඩි තැබීමෙන් වෙඩික්කරු මියගියේය. වෙඩි තැබීම කළේ අවුරුදු 30 ක් පමණ වයසැති සුදු ජාතික තරුණයකු යැයි ගිල්රෝයි පොලිස් ප්‍රධානී ස්කොට් ස්මිතී මාධ්‍ය හමුවේ කියා සිටියේය. තවත් පුද්ගලයකු වෙඩි තැබීමට අනුබල දුන්නැයි සැකයක් ඇති බවත් එම පුද්ගලයා ගැන පරීක්ෂණ ආරම්භ කළ බවත් ගිල්රෝයි පොලිසිය වැඩි දුරටත් නිවේදනය කළේය. එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව අනුමාන කරමින් දිගටම පරීක්ෂා කරන බව ද පොලිසිය පැවැසීය.
වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ගිල්රෝයි නුවර වාර්ෂිකව පැවැත්වෙන ‘ගිල්රෝයි ගාලික් ෆෙස්ටිවල්’ යන නමින් හැඳින්වෙන සැණකෙළියටය. විවිධාකාරයේ ආහාර වර්ග මෙහිදී රස බැලීමට හැකියාව ලැබේ.
ගිල්රෝයි නුවරදීය (ඒ.එෆ්.පී.)

