කැලිෆෝනියාවේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ටොරෙන්ස් නගරයේ බෝලිං ක්‍රීඩා මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් විය. සිවු දෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම සිදුවූයේ ගේබල් හවුස් බෝලිං මධ්‍යස්ථානයේය. වෙඩි තැබීමට හේතුව දෙපිරිසක් අතරේ සිදුවුණු බහින්බස්වීමක් යැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. සිද්ධිය ගැන දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව ද පොලිසිය කියයි.
(රොයිටර්ස්)

