කැලිෆෝනියාවට තවත් භූමි කම්පාවක්

පසුගිය 4 වැනිදා හටගත් භූමි කම්පාවෙන් පසු, තවත් අතුරු භූ කම්පන 100 කින් පමණක් නොව, යළිත් වරක් නව ප්රබල භූමි කම්පාවකින් ද කැලිෆෝනියා ජනපදය කැලැඹුණු බව වාර්තා වේ.
මෙම නව භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කර ඇත. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. බොහෝ දෙනකු විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි.
(රොයිටර්ස්)

