කැනඩා අගමැතිටත් දරුවන්ටත් ‘කොවිඩ්’

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඔහුගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනකුට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ අග්‍රාමාත්‍ය ටෲඩෝ ඔහු සහ ඔහුගේ දරුවන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් ලෙස තහවුරු වූ බව ට්විටර් පණිවුඩයක් මගින් පැවැසීමෙන් පසුවය.
අග්‍රාමාත්‍ය ජොන්සන් පූර්ණ එන්නත්කරණයකට ලක් වී බූස්ටර් එන්නත ද ලබා ගත් අයෙකි. ‘මා හොඳින් සිටිනවා. සෞඛ්‍ය නීතිවලට අනුකූලව මා කටයුතු කරනවා. මා සියලුම කැනඩා වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න. ඔමික්‍රෝන් වසංගතයට මුහුණ දෙන්න බූස්ටර් එන්නත අවශ්‍ය වේවි’ යැයි අග්‍රාමාත්‍ය ටෲඩෝ සිය ට්විටර් ගිණුම ඔස්සේ පැහැදිලි කර තිබේ.
‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ පාසල් යන දරු දෙදෙනාට බව පැවැසෙයි. අග්‍රාමාත්‍ය බිරිඳ සෝෆි ග්‍රෙගොරි ටෲඩෝ 2020 මාර්තු මාසයේ ‘කොවිඩ් 19’ ආසාදියකු බවට පත් වූවාය.
එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ටෲඩෝට හෝ දරුවන්ට හෝ වයිරසය ආසාදනය වූයේ නැත. මෙම අවස්ථාවේ, බිරිඳ සෝෆි ට ‘කොවිඩ් 19’ ආසාදනය වී නැතැයි පැවැසෙයි.
අග්‍රාමාත්‍ය ටෲඩෝ ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත. මීට විරෝධය දක්වන කැනඩා වැසියෝ දස දහස් ගණනින් ඔටෝවා නුවරට රැස්වී පසුගිය සති අන්තයේ සිට විරෝධතා ආරම්භ කර ඇත.
විරෝධතා ප්‍රචණ්ඩකාරී වූ බැවින් අග්‍රාමාත්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් රහසිගත ස්ථානයකට යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.
අග්‍රාමාත්‍ය ටෲඩෝ සහ දරුවන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් බව හඳුනා ගෙන ඇත්තේ එසේ එම රහස් ස්ථානයේ සිටිද්දීය.
(රොයිටර්)

