කැටොලිනාව ස්පාඤ්ඤ මධ්‍යම රජයට



කැටලෝනියා ප්‍රාන්ත පාරිලිමේන්තුව විසුරුවා, ලබා දී තිබුණු ස්වයං පාලන බලතල ඉවත් කිරීමටත්, ප්‍රාන්තය තමා යටතට ගැනීමටත් ස්පාඤ්ඤ මධ්‍යම රජය කටයුතු කළේය.

කැටලෝනියා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කළේ පසුගිය සිකුරාදා දිනයේය. ඒ බව නිවේදනය කරනු ලැබුවේ ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාජෝයි විසිනි.

කැටලෝනියා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, ලබන දෙසැම්බරයේ ප්‍රාන්තයේ යළි ඡන්දයක් පවත්වන බවත් අගමැතිවරයා එම අවස්ථාවේදී කියා සිටියේය.

කැටලෝනියාවේ නායක ලෙස කටයුතු කළ කාර්ලේස් පුයිජ්මොන්ට් ද එම තනතුරෙන් නෙරපා දැමීමට ස්පාඤ්ඤ මධ්‍යම රජය කටයුතු කළේය. කෙසේ නමුත් ධුරයෙන් නෙරපා දැමුවත්, කාර්ලේස් පුයිජ්මොන්ට්ට දේශපාලන තහනමක් පනවන්නේ නැති බවත්, ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට ඔහුට සහභාගී වීමට අවසර දෙන බවත් ස්පාඤ්ඤ මධ්‍යම රජය කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS